Sep 23, 2022

මාලදිවයින - ශ්‍රී ලංකා ගිවිසුමකට අවසර

ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය නෛතික සහය සම්බන්ධයෙන් ගිවිසුමකට එළැඹීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

ඒකාබද්ධ විමර්ශන සිදුකිරීමේදී මුහුණපෑමට සිදුවන දුෂ්කරතා මගහැරවීමටත්, දෙරට අතර අන්‍යෝන්‍ය සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමටත් හැකි වන පරිදි යෝජනාව සිදුකර ඇත්තේ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා විසිනි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top