Mar 24, 2017

ඕස්‌ට්‍රේලියාව මේජර් ජෙනරාල් චාගිට වීසා නොදේ

යුද හමුදා මූලස්‌ථානයේ පාබල ශාඛාවේ අධ්‍යක්‍ෂ මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ මහතාට වීසා නිකුත් කළ නොහැකි බව ඔස්‌ට්‍රේලියානු තානාපති කාර්යාලය ඔහුට පෙරේදා (22 වැනිදා) දැනුම් දී ඇත.

ඒ මහතා පුද්ගලික සංචාරයක්‌ සඳහා ඔස්‌ට්‍රේලියාවට යෑමට මීට සතියකට පෙර වීසා අයෑදුම්පත ඉදිරිපත් කර තිබිණි.

උතුරේ අවසන් යුද සමයේ සටන් මෙහෙයවූ යුද හමුදා නිලධාරියෙකු වූ චාගි ගාල්ලගේ මහතාට, යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා ඇතැයි පවසමින් ඔස්‌ට්‍රේලියානු තානාපති කාර්යාලය මෙසේ ඔහුගේ වීසා අයෑදුම්පත ප්‍රතික්‍ෂේප කර ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top