එම ගුවන් සමාගම නිවේදනය කර ඇත්තේ වානිජ ප්රතිඵල සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි.
මේ අතර, ඔක්තෝම්බර් 28 වැනිදා සහ 29 වැනිදා සිට මෙල්බර්න් සහ සිංගප්පූරුව දක්වා සිදුකෙරෙන ගුවන් ගමන් කටයුතු පුළුල් කිරීමට සැලැසුම් කර ඇතැයි වාර්තා වේ.
ඒ අනුව ඒ 330 - 300 යානා දිනපතා මෙල්බර්න් මෙහෙයුම් සඳහා යොදා ගැනීමට නියමිත, සිංගප්පූරුව දක්වා සතියකට සිදුකරන ගුවන් ගමන්වාර 17 සිට 21 දක්වා ඉහළ නංවා ඇති බව ශ්රී ලංකන් ගුවන් සමාගම කියා සිටී.