file photo file photo
Sep 24, 2018

අමාත්‍යංශ ලොක්කෙක්ගේ රියක කුඩු තිබී මාට්ටු !

ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකුට අයත් මෝටර් රථයක මත්ද්‍රව්‍යය රැගෙන ගල්කිස්ස ප්‍රදේශයේ පැවති වෙරළ සාදයකට ගොස් සිටියදී පෙරේදා (22) දින ‍පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ එම අමාත්‍යාංශයේ රියැදුරෙකු ඇතුළු ඔහුගේ මිතුරන් දෙදෙනකුය.

මොවුන් හික්කඩුව, රත්මලාන හා කළුතර ප්‍රදේශවල පදිංචි පුද්ගලයෝය.

සති අන්තයේ වෙරල ආශ්‍රිතව පැවැත්වෙන මත්ද්‍රව්‍ය සාදයක් පෙරේදා දිනද පවත්වා ඇති අතර ඊට සහභාගි වීම සඳහා මෙකී අමාත්‍යාංශ වාහනය රැගෙන එහි රියැදුරු පැමිණ තිබේ.

පසුව මිතුරන් දෙදෙනකුද සමග රථය තුළ මත්ද්‍රව්‍ය භාවිත කරමින් සිටියදී ‍පොලිස් විශේෂ කාර්ය බළකායට ලද තොරතුරක් මත ගොස් වාහනය පරීක්ෂා කර තිබේ.

එහිදී ඒ තුළ කොකේන්, අයිස්, හෙරොයින් හා කේරළ ගංජා තිබි හමු වූ බව ආරක්ෂක අංශ නිලධාරීන් පවසයි.

ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරියා මේ පිළිබඳ ‍පොලීසිය දන්වන තුරු කිසිත් දැන නොසිටි බවද වාර්තාවේ.

අත්අඩංගුවට ගත් තිදෙනා වැඩිදුර විමර්ශන සඳහා ගල්කිස්ස ‍පොලීසියට භාර දී තිබේ.

මූලාශ්‍රය - ලක්බිම

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top