Sep 28, 2018

69 වැනි ජාතික චීන දිනයේ සැමරුම (සජීවී)

චීනයේ මහජන චීන සමූහාණ්ඩුවේ ආරම්භය සනිටුවහන් කරන 69 වන සංවත්සරය සැමරීමේ නිල උත්සවය අද (28) ප.ව. 4.30ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ වේ.

ශ්‍රී ලංකා - චීන ජනමාධ්‍යවේදීන්ගේ සංසදයේ සංවිධානය කරන ලද මෙම සමුළුව ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන් ෂුයූන් ඇතුලු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වීමට නියමිතය.

වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍ය - මහින්ද සමරසිංහ මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසත් ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය - ගයන්ත කරුණාතිලක මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වීමට නියමිතය.

 ශ්‍රී ලංකා මිරර් වෙතින් ලබා දෙන සජීවී වෙබ් ආවරණය පහත දැක්වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top