Oct 06, 2018

SB ගේ නිවසේ මෛත්‍රී - මහින්ද රහස් හමුවක් !

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර රහස් හමුවත් පසුගියදා හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතාගේ නිවසේ සිදුව ඇති බව විශ්වාස කටයුතු දේශපාලන ආරංචි මාර්ග වලින් වාර්තාවේ.

එම සාකච්ජාවට රාජපක්ෂ පවුලේ සාමාජිකයින් වන බැසිල් රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ මහතාද සහභාගී ඇති බව එම ආරංචිමාර්ග පවසයි.

පසුගියදා අනවරනයවූ ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට හා රාජපක්ෂ පවුලේ සාමාජිකයින්ට එල්ලවී ඇති අනතුර හා එහි තොරතුරු යට ගැසීමට ඇතැමුන් දරන උත්සාහයන් පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ජාවට බඳුන්ව ඇතැයි ද පැවසේ.

එම ඝාතන කුමන්ත්‍රණයට අදාලව මෙතෙක් ප්‍රකාශයට පත්ව නොමැති කරුණු හා තොරතුරු රැසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මෙහිදී අනාවරණය කර ඇතැයි ද ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වත්මන් ආණ්ඩුවෙන් ඉවත් වී ඒකාබද්ධ විපක්ෂය සමග භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට පසුගියදා පැවති සන්ධාන විධායක සභාවේදී සාකච්ඡාවූ අවස්ථාවක සිදුව ඇති මෙම සුහද හමුව දේශපාලනික වශයෙන් විශේෂ වැදගත්කමක් උසුලයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top