Oct 10, 2018

අනේ ඇමතිතුමෝ මේ ඔලුවට මොනවාහරි වුණා නම් !

පාර්ලිමේන්තු පාරේ පැවති වාහන තදබදය හේතුවෙත් යතුරැපැදියක නැගී වැස්සේ තෙමි තෙමි පාර්ලිමේන්තුවට පැමිණිමට සිදු වූ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඊයේ (09දා) පාර්ලිමේන්තුවට පැවසීය.

පාර්ලිමේන්තුව ආරම්භයේදී ප්‍රශ්න 03 ට පිළිතුරැ දීමට තිබූ බැවින් කල්වේලා ඇතිව පාර්ලිමේන්තුවට පැමිණීමට අවශ්‍ය වුවද රාජගිරය අසළ පැයකට වැඩි කාලයක් රැදීසිටීමට සිදුවූ බවද අමාත්‍යවරයා කීවේය.

ඒහේතුවෙන් වාහනයෙන් බැස යතුරැපැදියක නැගී පාර්ලිමේන්තුවට පැමිණිය බවද අමාත්‍යවරයා කීවේය.

“මට අද පාර්ලිමේන්තුවේ ප්‍රශ්න 03 ට උත්තර දෙන්න තිබුණා. මර්ග තදබදය නිසා මට වෙලාවට එන්න බැරිවුණා . පැයක් රාජගිරියේ. ඊට පස්සේ මෝටර්සයිකලයක් නවත්වාගෙන ඒකේ නැගලා අවේ වැස්සේ තෙමි තෙමි. පාර්ලිමේන්තු දවස්වල වාහන තදබදය ගැන අවධානය යොමුකරන්න කියලා ඉල්ලා සිටිනවා”.

කෙසේ වුවද සිය සුඛෝපබෝගී රථයෙන් වැස්සේම බැසගත් අමාත්‍යවරයා හිස් ආවරණ නොමැතිව යතුරුපැදියකින් ගමන්කර ඇති බවද ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තාවේ. රටේ නීතිය නොදත් මේ නීතීඥ අමාත්‍යවරයාගේ අදූරදර්ශී ක්‍රියා පිළිබඳව ජනතාව කණස්සල්ල පලකරන අතර මේ පිළිබඳව පොලිසියේ අවධානය යොමුකරනු ඇති බවද ඔවුහු වැඩිදුරටත් කියා සිටී.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top