Oct 19, 2018

ගෝඨා අද විශේෂ මහාධිකරණයට

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව විශේෂ මහාධිකරණ නඩු විභාගයක් අද(19) පැවැත්වෙයි.

ඊට සහභාගිවීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා එම අධිකරණය වෙත මීට සුළු වේලාවකට පෙර පැමිණියේය.

ඩී.ඒ රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරිමේදී මහජන මුදල් අවභාවිත කළ බවට ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 07 දෙනෙකුට එරෙහිව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේදී නඩු විභාගය පැවැත්වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top