Oct 19, 2018

නාව "නේවි රවී" අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝගයක් !

මේ දක්වා අධිකරණයට ඉදිරිපත් කර නොමැති ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානි රවී විජේගුණවර්ධන මහතා වහාම අධිකරණයට ඉදිරිපත් කරන මෙන් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (19) දිනයේදී නියෝග කර තිබේ.

මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් පවසා ඇත්තේ හාල්මැස්සන් ඇල්ලීම වෙනුවට සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසයි.

පුද්ගලයින් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි කියන සිද්ධියට අදාලව රක්ෂිත බන්ධනාගාරගතව සිටින නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන අය සම්බන්ධ නඩුව අගෝස්තු 29දා කැඳවු අවස්ථාවේදී, සැකකරුට සැඟවී සිටීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වත්මන් ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානි රවි විජේගුණවර්ධන මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස විනිසුරුවරිය ලබා දී ඇති නියෝගය මේ දක්වා ක්‍රියාත්මක කර නොමැත.

මෙම අධිකරණ නියෝගය පැහැර හරිමින් සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වහාම අධිකරණය හමුවට කැඳවා ප්‍රශ්න කිරීමට නියමිත බව නීතිපති දෙපාර්තමේන්තු ආරංචිමාර්ග මීට කලින් වාර්තා කර තිබුණි.

 සබැඳි පුවත් :

හමුදා මාණ්ඩලික ප්‍රධානියා නිසා CID ලොක්කාට 'වැඩ වරදින ලකුණු' !

'හමුදා තොරතුරු උසාවියට දෙන්න එපා' - ජනපතිගෙන් නියෝගයක් !

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top