Oct 24, 2018

දිවියන් නිසා දිවිය අහිමි වෙතැයි වතු කම්කරුවන් බියෙන්

වතුකරයේ දිවියන් සැරිසැරීම වැඩි වීමත් සමග වතුකරයේ කම්කරු ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

මේ වන විටත් ඔවුන් කිහිපදෙනකුම මෙම දිවියන්ගේ පහර කෑම්වලට ලක්ව ඇති අතර වතු කරයේ ස්ථාන කිහිපයකින් දිවි පැටවුන්ද හමුවුණි.

මේ හේතුවෙන් ඔවුන්ට තේ වතු යායන්ට පිවිසීම පවා අපහසුවී තිබේ. තේ පඳුරු අතර සිටින දිවියන් කල් තියා දැක ගැනීමට නෙහෙැකි වීමෙන් ජීවිතේට පවා තර්ජනයක් ඇතිවී තිබෙන බව වතු කම්කරුවන් පවසයි.

පවතින අවදානම මත සේවය කිරීමට දැඩි බියක් දක්වන වතු කම්කරුවන් මේ පිළිබඳව වන ජීවී නිලධාරින්ගේ අවධානය යොමු කළ යුතු බවද එම වතු කම්කරුවන් කියා සිටී.

සටහන සහ ඡායා -මනුර සුදත් සෙල්ලහේවා - හැටන්

lepod1

lepod3

lepod4

lepod5

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top