Oct 29, 2018

රවී ඉල්ලා අස්වෙයි !

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති ධූරය දැරූ රවී ජයවර්ධන මහතා අද (29) සිය ඉල්ලා අස්වීම භාරදී තිබේ.

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සාමාජිකයෙක් වශයෙනුත්, අති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමි අනුස්මරණ පදනමේ සභාපතිවරයා ලෙසත් වර්තමාන තත්ත්වය යටතේ මෙම තනතුරේ රාජකාරී කිරීමට තමාට නොහැකි බැවින් ඉල්ලා අස්වන බව ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර ඇත.

ජයවර්ධන මහතා සොභිත හිමියන්ගේ ඉතා කිට්ටුවන්තයයකුව සිටි අයකු වන අතර ඔහු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කරවීමට කැපවී කටයුතු කළ අයෙකි.

ඒ මහතා යහපාලන ආණ්ඩුවේ ජාතික රූපවාහිනියේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළේය.

ඉල්ලා අස්වීමේ ලිපිය පහත දැක්වේ.

Raviletter

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top