පාර්ලිමේන්තුව නැවත කැඳවීමට අදාළව එක්සත් ජාතික පක්ෂයේ අජිත් පෙරේරා මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ යෝජනාවකට මන්ත්‍රී 118ක් අත්සන් කර ඇති බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි. මෙම යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සම්මත කර තිබේ.
අමාත්‍යංශයට ගිය චම්පික රණවක අමාත්‍යවරයා, අමාත්‍යංශයේ ලේකම් හා අතිරේක ලේකම්වරුන් කැඳවා සිය අමාත්‍යංශයේ සංවර්ධන වැඩසටහන් අඛණ්ඩව කරගෙන යාමට උපදෙස් දී ඇත.
සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියෙන් ජපානය ඉවතට
මේ අතර මෙහිදී අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු, ශ්‍රී ලංකාවේ මතුව ඇති දේශපාලන අර්බුදය නිසා යෝජිත සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියෙන් තාවකාලිකව ඉවත්වන බවට ජපන් රජය දැනුම්දී ඇතැයි සඳහන් කර ඇත. මෙම ව්‍යාපෘතියේ මුලික අදියර සඳහා ජපන් රජය වෙන්කර තිබු මුදල ඩොලර් බිලියන් 1.4කි.
මේවනවිට පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වා ඇති බැවින් එම ව්‍යාපෘතියට අවශ්‍ය මුදල් යලි රාජ්‍යතන්ත්‍රීක මට්ටමින් ලබාගැනීමට කටයුතු කරන බව ඇමතිවරයා මෙහිදී සඳහන් කර තිබේ.