ඒ අනුව මෙතෙක් නොවිසඳුන ගැටලු රැසක් සම්බන්ධයෙන් ඇය සිය හඬ අවධි කිරීමට නියමිතය. මේ සම්බන්යෙන් ඇය වැඩිදුරටත් මෙසේ අදහස් දක්වා තිබුණි.
"දුව ලැබෙන්න ඉන්න කාලයේ පොඩ්ඩක් විතර දේශපාලනයෙන් දුරස් වුණා. හැබැයි ඉදිරියේදී නැවතත් ඒ කටයුතු පෙර පරිදිම සිදුවෙයි. මොකද කලාකරුවෙක් විදියට මට මේ රට වෙනුවෙන් යමක් කළ යුතුයි කියන තැන මම ඉන්නවා. මෙච්චර කාලයක් කලාවට සම්බන්ධ බොහෝ දෙනෙක් ක්‍රියාකාරී දේශපාලනයේ රැඳී සිටියා. පාර්ලිමේන්තු ගියා. නමුත් ඒ අයට කරන්න අවස්ථාවක් ලැබුණේ නෑ. මොකද ඒ අයට අවශ්‍ය සහයෝගය පාලකයන්ගෙන් නොලැබුණු නිසා. නමුත් ආයෙමත් කලාවට හිතැති පාලකයෙක් පත්කර ගැනීමේ අවස්ථාව දැන් අපිට ලැබිලා තියෙනවා".
"මම ඡන්දය ඉල්ලලා පාර්ලිමේන්තුවට ගිය දවසක කලාකරුවන් වෙනුවෙන් හඬ නඟනවා. මම මැතිවරණයට ඉදිරිපත් වෙනවා. ඒත් මේ වතාවේ නම් නෙවෙයි. එට වෙනුවෙන් යමක් කරන්න මගේ වයසත් එක්ක මට කාලය තියෙනවා. බොහොමත් නුදුරු දවසකදී කලාවේ නොවිසඳුණු ගැටලු බොහොමයක් වෙනුවෙන් හඬ නඟන්නට මම සෘජුවම දේශපානයට අවතීරණ වෙනවා".
කෙසේ වෙතත් වත්මන් දේශපාලඥයන්ගේ බාලාංශ හැසිරීම් රටාව හේතුකොට ගෙන බුද්ධිමත් ජනතාව වික්ෂිප්තවී ඇත. බොහෝ පිරිස් ඔවුන් තවදුරටත් ඡන්දය පාවිච්ච කරනවා නම් ඒ කුමන ආකාරයේ පුද්ගලයන් සඳහාද යන්න පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බවත් මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා සමාජ මාධ්‍යජාල ඔස්සේ විවිධ කරුණු පලවන බවත් දක්නට ලැබේ.