Nov 23, 2018

රනිල් අගමැති ලෙස ගෙනාවොත් 113 පෙන්වනවා - සජිත්

රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස පත්කර පාර්ලිමේන්තු ඡන්ද විමසීමකට ගියහොත් 113 පෙන්වන බව සජිත් ප්‍රේමදාස මහතා කියයි.

ඔහු මේ බව කියා සිටියේ මහින්ද රාජපක්ෂ මහතාට 113 පෙන්වන ලෙස කියන එජාපයේ රනිල් වික්‍රමසිංහට එය කළ හැකි දැයි මාධ්‍යවේදියකු අද (23) පාර්ලිමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී කළ විමසීමකදීය.

වීරයන් ලෙස කෑ ගසන අයට පාර්ලිමේන්තුවේ ඔවුන්ට තිබෙන ඡන්ද ගණන හෝ නොපෙන්වා පලා ගිය බවට ද ඔහු චෝදනා කළේය.

වර්තමානයේ තිබෙන්නේ නීත්‍යානුකූල නොවන ආණ්ඩුවක් බවට ද ඔහු චෝදනා කළේය.

වර්තමාන අර්බුදයෙන් ගොඩ එන්නේ කෙසේදැයි මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් ප්‍රේමදාස මහතා කියා සිටියේ එය ඉතා සරල කාරණාවක් බවත්, මුලින්ම කළ යුත්තේ පාර්ලිමේන්තු බහුතරය නොමැති නීත්‍යානුකූල නොවන ආණ්ඩුව ඉල්ලා අස්වීම බවත්, ඉන් පසුව පාර්ලිමේන්තුවේ බහුතර ඇති අගමැතිවරයකු තෝරාපත්කරගතයුතු බවයි.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top