පාර්ලිමේන්තු පුස්තකාලයේදී අද (30) පෙරවරුවේදී මෙම හමුව සිදුව තිබේ.
තමා කිසිඳු විටෙක ජනාධිපතිවරයා ගෙන් අගමැති ධුරය ඉල්ලා නොසිටි බවත්, එහෙයින් තමාව අගමැති ධුරයෙන් ඉවත් කිරීම හෝ නොකිරීම ජනාධිපතිවරයාගේ කාර්යක් බවත් මෙම හමුවේදී මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.
කෙසේවුවද ලබන 07 දා ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ලැබෙන තෙක් අගමැති ධුරයෙන් ඉල්ලා අස්නොවන බව මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී එජාප නායකයට ඉඟි කර ඇතැයි ද වැඩිදුරටත් වාර්තාවේ.
last update-6.30 pm
------------------------------------------------------------------------------------------------------------
මහින්ද හා රනිල් හමුවක්
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හා රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (30 දා) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී පවත්වා ඇති බව වාර්තාවේ.
මෙම හමුවේදී සාකච්ඡා වූ කරුණු පිළිබඳව මෙතෙක් වාර්තා නොවේ.