Oct 31, 2016

ඒකාබද්ධ විපක්ෂයේ අලුත් පෙරමුණට මහින්ද එන හැඩක්

ඒකාබද්ධ විපක්ෂයේ නව දේශපාලන පක්ෂය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස නොවැම්බර් මස 18 වැනිදා නිළ වශයෙන් එළි දැක්වීමට නියමිතය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපන් දිනය යෙදී තිබෙන නොවැම්බර් මස 18වැනිදා උදෑසන අනුරාධපුරයේදී සුභ මොහොතින් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ එළිදක්වන්නේ ඔහුට ලබාදෙන උපන්දින තෑග්ගත් ලෙස බව ඒකාබද්ධ විපක්ෂයේ පළාත් පාලන මන්ත‍්‍රී සංසදය පවසයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය භාරගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැතත් ඔහුගේ සියලුම ඉදිරි දේශපාලන ක‍්‍රියාකාරකම් සදහා නව පෙරමුණ පුළුල් වේදිකාවක් වනු ඇතැයිද එම මන්ත‍්‍රී සංසදය පෙන්වා දෙයි.

සුජිත් මංගල ද සිල්වා

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top