Jun 25, 2021

අවුරා ලංකා ඩිජිටල් පොසොන් කලාපය අද සහ හෙට සජීවී 

අවුරා ලංකා ඩිජිටල් පොසොන් කලාපය අද (25) හා (26) දින දෙකේදී ශ්‍රී ලංකා මිරර් හරහා සජීව විකාශය වේ.

අවුරා ලංකා සමාගම විසින් රාජාංගනය යාය 18 හි ඉදිකර ඇති මෙම විශේෂ පොසොන් කලාපයට ජනතාවට පැමිණිය නොහැකි අතර එය සජීවී ව අන්තර් ජාලය හරහා නැරඹීමේ අවස්ථාව තිබේ.

අවුරා ලංකා සමාගමේ සභාපති වෛද්‍ය චන්දික විරංජිත් තාඹුගල මහතාගේ සංකල්පයකට අනුව ඉදිකර ඇති මෙම විශේෂ පොසොන් කලාපය තුළ විදුලි එළි හා ජල තරංග දර්ශනයක්ද ඇත.

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට මුල් තැන ලබාදෙමින් මේ කලාපය තුළ අදාළ ඉදිකිරීම් සිදු කර තිබීම විශේෂිතය.

එහි සභාපති වෛද්‍ය චන්දික විරංජිත් තාඹුගල මහතා කියා සිටියේ පොසොන් උදාව රටක් ලෙස ශ්‍රී ලංකාවට ඉතාම වැදගත් එකක් බවත්, මෙරට ශිෂ්ඨාචාරයට විනය, හැදියාව, මෙන්ම සෞන්දර්යද විඳින්නට හැකි සංස්කෘතියක් මිහිදු මහරහතන් වහන්සේ හරහා ස්ථාපිත වූ බවයි.

ඒ අනුව අද, මේ පොසොන් කලාපය ඉහත කී කාරණා මුදුන් පමුණුවාගෙන, සෞඛ්‍ය ආරක්ෂාව පෙරට දමා, වසංගතය නිසා හුදෙකලා වූ සමස්ත රට වැසියන්ටම වින්දනයක් ආශ්වාදයක් ලබාදීමේ අරමුණෙන් මෙය සිදු කළ බවයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top