කොවිඩ් අවදානම හේතුවෙන් කොමිෂන් සභා ප්රධාන කාර්යාලය පසුගිය 13 වැනි සිකුරාදා වසා දැමුණු බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
කොවිඩ් ආසාදනයවීම නිසා කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු එම පිරිස නිරෝධායනයට යොමු කරනු ලැබ සිටිති.
කොවිඩ් අවදානම සැලකිල්ලට ගෙන කොමිසමේ නිලධාරීන් සීමිත පරිදි කැඳවා රාජකාරි කටයුතු කරගෙන යන බව මේ මැතිවරණ කොමිෂන් සභාවේ ප්රධානියකු ලංකාදීප වෙත පවසා තිබේ.
දවසින් දවස එක් එක් අංශ බැගින් කැඳවා රාජකාරි කරගෙන යන බවද හෙතෙම සඳහන් කර ඇත.
මේ අතර, මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය පසුගිය සිකුරාදා වසා දමා විෂබීජහරණය කිරීමෙන් පසුව නැවත විවෘත කෙරුණු බව එහි ප්රධානීහු පවසති.