Oct 21, 2021

08දා විශේෂ පාර්ලිමේන්තු දිනයක් ; අගමැතිගෙන් ප්‍රශ්ණ අහන්න අවසර

නොවැම්බර් 08 වැනිදා විශේෂ පාර්ලිමේන්තු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
 
ඒ, ආණ්ඩුව වෙනුවෙන් පිළිතුරු දීමට නොහැකි වූ ප්‍රශ්න 50 කට පිළිතුරු දීමේ අවස්ථාව ලබාදීම වෙනුවෙනි.
 
අද (21) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී එම තීරණයට එළැඹි බව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කර සිටියේය.
 
මේ අතර, ආණ්ඩු පක්ෂයට මෙන්ම විපක්ෂයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න 2 බැගින් විමසා පිළිතුරු ලබාගැනීමට නොවැම්බර් 10 වැනිදා අවස්ථාව ලබා දීමට ද එම කාරක සභාවේදී තීරණය කර තිබේ.
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top