Oct 21, 2021

ඉන්දියාවෙන් ගෙනා පොහොරත් කාබනික පොහොර නෙවෙයි - FUTA

මෑතක දී ඉන්දියාවේ Indian Farmers Fertilizer Cooperative Ltd. (IFFCO) නම් සමාගමෙන් ආනයනය කරන ලද  දියරමය නැනෝ නයිට්‍රජන් පොහොර කාබනික පොහොරක් නොවන බවත්, ඒවා කෘතිම රසායනික පොහොරක් බවත් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය (ඣ) කියයි.
 
එම සම්මේලනයේ, කෘෂිකර්මය හා සම්බන්ධ ක්‍රියාකාරී කමිටුව (Action Committee for Agriculture) නියෝජනය කරමින් මෙම ආනයනික පොහොර සම්බන්ධව පවතින විද්‍යාත්මක කරුණු සහ ඔවුන්ගේ විශේෂඥ මතය සම්බන්ධයෙන්
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේබව කියා සිටී.

අදාළ සමාගම (IFFCO) මඟින් නිෂ්පාදනය කෙරෙන මෙම නැනෝ නයිට්‍රජන් යනු, යූරියා අඩංගු සංයෝගයක් බවද එම නිවේදනයෙන් හෙළිකර ඇත.
 
එහි වැඩිදුරටත් දැක්වෙන්නේ බහු අවයවික සංයෝග මඟින් යූරියා අණු ආවරණය කර ඉතා කුඩා නැනෝ අංශු ලෙස සාදන නිසා සාම්ප්‍රදායික යූරියාවලින් මෙම නැනෝ නයිට්‍රජන් පොහොර වෙනස් වන බවද කියා සිටී.
 
මෙම නැනෝ අංශු ඉතාමත් කුඩා ප්‍රමාණයේ පවතින බැවින් ශාක පත්‍රවල ඇති පුටිකා හරහා කාර්යක්ෂමව ශාකයට උරා ගනු ලබන බවත්, මෙම පොහොර විශේෂය කෘත්‍රිමව නිෂ්පාදනය කරනු ලබන සංයෝගයක් වන බවත් එම නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත.
 
එය කාබනික පොහොරක්  නොවන බවත්, මෙම දියර පොහොර ශාක පත්‍ර මතට ඉසීම සඳහා නිර්දේශ කර ඇති, 4% නයිට්‍රජන් අඩංගු සංයෝගයක් බවත් පැවසේ.
 
මෙම පොහොර වර්ගය ඉතා මෑතක දී ක්ෂේත්‍ර පරීක්ෂාවන්ට ලක් කරන ලද, එමෙන්ම මෙම වසරේ මාර්තු මාසයේ දී මහා පරිමාණ වාණිජ නිෂ්පාදනය සඳහා ඉන්දීය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය ලද රසායනිකයක් බවද එම නිවේදනයෙන් කියා සිටී.
 
කෙසේ වුවද, ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන සම්මත ප්‍රමිතීන්ට අනුව (SLS1324:2018) කාබනික වගාවන් සඳහා නැනෝ පොහොර නිර්දේශ නොකරන බවද විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය (FUTA) කියයි.
 
සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.
Fer 700px 21 10 21Fer2 700px 21 10 21
 
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top