මෙම ප්‍රශ්න කිරීම සිදුකිරීමට නියමිතව ඇත්තේ ඓතිහාසික කතරගම දේවාලයේ තිබු පවුම් 38 ක රන් තැටියක් අතුරුදන් වී ඇති බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළවය.
අංගොඩ ලොක්කාගේ බිරිය විසින් 2019 ජුලි මස කතරගම පෙරහැරට පැවති අවස්ථාවක මෙම රන් තැටිය රුහුණු මහතා කතරගම දේවාලයට පූජා කර ඇති බවට විමර්ශන තොරතුරු හෙළිවි ඇතැයි ද පොලිසිය කියයි.
එම තොරතුරුවල සත්‍ය අසත්‍ය බව හෙළි කර ගැනීම සදහා ඇය මෙලෙස කැඳවා ඇති උසස් පොලිස් නිලධාරියකු ලංකාදීප පුවත්පතට පවසා තිබේ.
කොලොන්න ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අයට කොළඹ අපරාධ කොට්ඨාසයට හමුවට පැමිණෙන ලෙසට දැනුම් දුන් බවද එම උසස් නිලධාරියා හෙළිකර තිබේ.
මෙම කාන්තාව පවුම් 38 ක් බර රන් තැටියක් දේවාලයට පුජා කළේ කුමණ හේතුවක් මත ද යන්න හෙළි කර ගැනීම සදහා පොලිසිය ප්‍රශ්න කිරීමට නියමිත බව පැවසේ.
මෙම රන් තැටිය මීට වසරක පමණ කාලය සිට අතුරුදන්ව ඇති බවත්, ඒ සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත්තේ මීට සති දෙකකට පමණ ඉහතදී බවද පොලිස් ආරංචි මාර්ග කියයි.
මේ සම්බන්ධයෙන් පොලිස්පති සී.ඞී වික්‍රමරත්න මහතා වෙත ලැබුණු තොරතුරකට අනුව කොළඹ අපරාධ කොට්ඨාසය විමර්ශන ආරම්භ කර ඇත.