Nov 26, 2021

ජොනී පිරමීඩ ජාවාරම්කාරයෙක් ගෙදර හංගගෙන (වීඩියෝ)

‘ඉයාන් ලංකා’ වංචාව රුපියල් කෝටි 900ක් බව ඒවාට හසුවූ චක්‍රයේ සිටින විශ්‍රමික හමුදා නිලධාරීන් පිරිසක් චෝදනා කරති.
 
ත්‍රිවිධ හමුදා, පොලිස්, බන්ධනාගාර, වෛද්‍ය ආදී පිරිස් දස දහසක් පමණ තම මුදල් මේ සඳහා ආයෝජනය කර ඇති බවද ඔවුන් කියා සිටිති.

මේ වන විට මෙම පිරමීඩ ජාවාරම් ආයතනය වසා දමා ඇති බවත්, පොලිය හා මුදල් ද අතුරුදන් වී ඇති බවත් ඔවුන් චෝදනා කරති.

ධම්මික අතපත්තු නම් මෙහි ප්‍රධානියා දැන් සිටින්නේ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ නිවසේ බවත්, ආරක්ෂාව සපයන්නේ කුරුණෑගල නගරාධිපතිවරයා බවත් ඔවුහු කියා සිටිති.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක් වෙමින් ඔවුන් මේ අදහස් පල කර තිබේ.

සබැඳි පුවත්
සහන් අකලංකගේ තැන්පතු ජාවාරම කළු සල්ලි සුදුකළ වැඩක්! 

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top