Nov 26, 2021

ස්කොට්ලන්තයෙන් මෙරට පොලිසියට දෙන පුහුණුව නවතයි

මානව හිමිකම් පිලිබඳ ගැටළු හේතුවෙන් ශ්‍රී ලංකාවේ පොලිසියට වසර ගණනාවක් පුරාවට ලබාදුන් පුහුණුව තවදුරටත් ලබානොදීමට ස්කොට්ලන්ත පොලිසිය තීන්දු කර ඇත.

මෙම පුහුණුව ලබාදීමට දෙරට අතර ඇති ගිවිසුම මාර්තු මාසයේ අවසන් වීමෙන් පසුව එය යළි අලුත් කිරීමට කටයුතු නොකරන බව ස්කොට්ලන්ත පොලිසියේ ප්‍රධාන කොස්තාපල් ඉයන් ලිවින්ග්ස්ටන් මහතා පවසා ඇත.

ලිවින්ග්ස්ටන් මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ ඔවුන් මෙම වැඩසටහන තවදුරටත් දීර්ඝ කිරීමට කටයුතු නොකරන බවට ස්කොට්ලන්ත පොලිසිය විසින් කොළඹ පිහිටි බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයට ලිපියක්ද යොමු කළ බවයි.

ලිංගික හිංසන ඇතුළු වධබන්ධන පැමිණවීම පිලිබඳව චෝදනා ලබන ශ්‍රී ලංකාවේ පොලිසියට දෙනු ලබන පුහුණුව නවත්වන ලෙස ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන දිගින් දිගටම බලපෑම් කර තිබුණි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top