Dec 06, 2021

ප්‍රියන්ත කුමාරගේ මෘත දේහයේ අවශේෂ මෙරටට Featured

පාකිස්ථානයේදී අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර මහතාගේ දේහයේ අවශේෂ මීට සුළු වේලාවකට පෙර මෙරටට රැගෙන විත් තිබේ.
 
එම අවශේෂ රැගත් UL 186 ශ්‍රී ලංකන් යානය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට මේ වන විට පැමිණ තිබේ.
 
ඊයේ දිනයේදී නිවේදනයක් නිකුත් කරමින් මෙරට විදේශ කටයුතු අමාත්‍යංශයසඳහන් කරන්නේ කුමාර මහතාග ළඟම ඥාතීන් විසින් එම මෘත දේහයේ අවශේෂ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී භාරගැනීමට නියමිත බවයි.
 
සබැඳි පුවත් :

ප්‍රියන්ත කුමාර මහතාගේ මෘත දේහයේ අවශේෂ හෙට දිවයිනට

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top