Nov 02, 2016

හමුදා බුද්ධි අංශ මහ පුටුව මාරුකරයි !

හමුදා බුද්ධි අංශ බාර නව අධ්‍යක්ෂවරයා ලෙස බ්‍රිගේඩයර් එම්.ඩී.යූ.වී ගුණතිලත මහතා පත්කර ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක,බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා පවසයි.

මීට පෙර එහි ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලැබුවේ බ්‍රිගේඩියර් සුරේෂ් සලෙයි මහතාය.

පසුගියදා මහාචාර්ය සරත් විජේසූරිය, සමන් රත්නප්‍රිය ඇතුළු සිවිල් සංවිධාන ප්‍රධානීන් කිහිප දෙනෙකු විසින් කැදවා තිබූ මාධ්‍ය හමුවකදී හමුදා බුද්ධි අංශ ප්‍රධානියා වහා ඉවත් කල යුතු බවට මත පල විය.

ඊයේ (02) සිවිල් සංවිධාන ප්‍රධානීන් හා ජනපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවකදී ද සිවිල් සංවිධාන ප්‍රධානීන් මේ ඉල්ලීම කර ඇතැයි වාර්තා වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top