Jun 30, 2022

කොලොන්නාවේදී "චූටි පුතා"ගේ ගෝලයා වෙඩිකයි

යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනකු විසින් කොලොන්නාව හන්දියේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නීහාල් තල්දුව මහතා කියයි.

මියගිය පුද්ගලයා 38 හැවිරිදි පුද්ගලයකු බව ද පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන "චුටි පුතා" නැමැති පුද්ගලයාගේ ගෝලයෙකු බවද වාර්තා වේ.

අදාළ ඝාතනය යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් සිදුකර ඇති අතර එහිදී වෙඩි තැබීම සඳහා යොදාගෙන ඇත්තේ රිවෝල්වරයයකි.

ඝාතනයට හේතුව මත්ද්‍රව්‍ය ජාවාරමක මත සිදුවූ ආරවුලක් බවට පොලිසිය සැක පල කරයි.

මේ අතර මොරටුව, කටුබැද්ද මංසන්ධියේදී ද ඊයේ (29) දහවල් සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වුණි.

යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන්ගේ ඉලක්කය වූයේ නවතා තිබූ  වෑන් රථයක් තුළ සිටි පුද්ගලයින් දෙදෙනෙකි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top