ඒ සඳහා රුපියල් කෝටි එක්දහස් එකසියයක් ලබා දෙන ලෙස ද අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා ඇත.
පෙළපොත් මුද්‍රණය වෙනුවෙන් දැනට වෙන කර තිබෙන්නේ රුපියල් කෝටි තුන්සියයක් පමණක් බවද පැවසේ.
පවතින අර්බුදකාරී තත්ත්වය මත පෙළපොත් නැවත පරිහරණ ප්‍රතිශතය සියයට තිහේ සිට හැට දක්වා වැඩි කිරීමටද දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් විදුහල්පතිවරුන් දැනුවත් කර ඇතැයි ද වාර්තා වේ.
එමෙන්ම මෙතෙක් තුන, හතර, පහ, දහය සහ එකොළහ යන ශ්‍රේණිවල පෙළපොත් ආපසු ලබා නොගත් නමුත් උද්ගතව ඇති තත්ත්වය මත එම ශ්‍රේණිවල පෙළපොත්ද ආපසු ලබා ගැනීමට ද දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි පැවසේ.
පෙළපොත් අවශ්‍යතාවෙන් සියයට හතළිස් පහක් මුද්‍රණය කිරීම රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව භාර ගෙන තිබෙන අතර ඉතිරි සියයට පනස් පහක ප්‍රමාණය පෞද්ගලික මුද්‍රණකරුවන්ට පිරිනැමීමට දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
පෙළපොත් මුද්‍රණයට අවශ්‍ය සියලුම කඩදාසි ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ ආනයනය කෙරෙන අතර එම කඩදාසි මුද්‍රණකරුවන්ට සැපයෙන්නේ අමාත්‍යාංශයෙනි.
පෞද්ගලික මුද්‍රණකරුවන්ට මුද්‍රණ කටයුතු භාරදීමට ලබන සතියේදී ටෙන්ඩර් කැඳවීමට නියමිතය.
මූලාශ්‍රය - අරුණ