Aug 08, 2022

ලිට්‍රෝ ගෑස් මිල පහළට Featured

අද (08) මධ්‍යම රාත්‍රියේ සිට කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රු. 246 කින් පහළ දැමීමට තීරණය කර ඇති බව එහි සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

ඒ අනුව, එම සිලින්ඩරයක නව මිල රු. 4,664ක් වනු ඇත.

මේ අතර, කිලෝග්‍රෑම් 5ක ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රු. 99 කින් රු. 1,872 දක්වා අඩු වනු ඇති අතර, කිලෝග්‍රෑම්  2.3ක ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රු. 45කින් රු. 869 දක්වා අඩු වනු ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top