කොළඹ නගරයේද ජපන් ආහාර සඳහා ඉහළ ඉල්ලුමක් පවතින අතර, ජපන් ආහාර රැගත් නව කැෆේ අවන්හලක් පසුගිය සතියේදී කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේදී විවෘත විය.
අකිහබාරා (Akihabara) ලෙස නම් කර ඇති මෙම අවන්හල වෙතින් ජපන් ආහාර ඇතුළු ආහාර වර්ග මෙන්ම කෝපි වර්ග හා නැවුම් පළතුරු යුෂ ද ලබාගත හැකිය.
මෙම අවන්හල අයත් වන්නේ ජපන් ව්‍යවසායකයෙකු වන හිරෙෂි මොරිසකි මහතාටය. වසර කිහිපයකට පෙර ලංකාවට පැමිණි ඔහු, මෙරට ව්‍යාපාරයක් ඇරඹීමට උත්සුක විය. මෙම අවන්හලේ තවත් විශේෂත්වයක් වන්නේ මෙහි කාර්යමණ්ඩලට පුහුණු සේවකයන් බඳවාගැනීම වෙනුවට පිටිසර ගම්වලින් පැමිණි තරුණයන් පිරිසකට ජීවිත වරපොටක් ලබාදෙමින්, ඔවුන්ව පුහුණු කරමින් මෙහි සේවයට එක්කරගැනීමයි.
මෙහිදී, පහසුකම් අඩු පාසැල් දරුවන් වෙත විශේෂ පරිත්‍යාගයක් ද මොරිසකි මහතා අතින් ප්රදානය කෙරුණි.
නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය - රංජිත් මද්දුමබණ්ඩාර මහතා ගේ ප්‍රධානත්වයෙන් සිදුවූ අකිහබාරා අවන්හලේ විවෘත කිරීමේ අවස්ථා කිහිපයකි මේ.
(ඡායා : ශානිකා ජයසේකර)