ඒ මහතා මේ බව කියා සිටියේ ශ්‍රීලංකාවේ චීන තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා චීන මිත්රසංගම්වල දායකත්වයෙන් ශ්‍රී ලංකා චීන ජනමාධ්‍යවේදීන්ගේ සංසදය සංවිධානය කළ 69 වැනි චීන ජාතික දිනය සැමරුම් උළෙලේදීය. එය පසුගිය 29 වැනිදා සවස කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජ්‍යාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ ලෝටස් ශාලාවේදී පැවැත් වුණි.
එම උත්සවයේදී චීන තානාපතිවරයා මෙසේද කීය.
"දෙරට අතර සිදුවන ඕනෑම ව්‍යාපෘතියක ප්රතිලාභ දෙරටේම ජනතාවට ලැබිය යුතුයි. ඒ හරහා ශ්‍රී ලාංකිකයන්ගේ ජීවන තත්ත්වය උසස්වනු දැකීම අපේ අභිලාෂයයි. එසේම මෙම කිසිදු ව්‍යාපෘතියකදී දේශපාලන මැදිහත්වීමක් නොමැති බව ඔබට දැන්විය යුතුයි. චීනය කිසිදු රටක අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමක් කරන්නේ නැහැ."