May 12, 2021

පෝලිමේ එන්න... මීටරෙන් ඉන්න (ඡායා) Featured

පසුගිය සති කිහිපයේදී කොවිඩ්-19 රෝගීන් දිගින් දිගට වැඩිවීමත් සමග රජය විසින් එන්නත්කරණ වැඩපිළිවෙළ වඩා වේගවත් කිරීමට කටයුතු කර ඇත.

මේ වන විට මෙම වැඩසටහන වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන බටහිර පළාතට සීමා වන නමුත් එම පළාතේ එන්නත් මධ්‍යස්ථාන ගණන වැඩිකර ඇත. තව දුරටත් එන්නත් තොග ලැබීමෙන් පසු මෙම වැඩසටහන ඉදිරියේදී වෙනත් පළාත්වලට ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වන බව බලධාරීන් කියා සිටියි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛනවලට අනුව, ඊයේ (11) රාත්‍රී 8.30 වන විට සිනෝෆාම් එන්නත මාත්‍රා 68,338 ක් මෙරට ජනතාවට ලබා දී ඇති අතර, රුසියාවේ ස්පුට්නික් V එන්නත් මාත්‍රා 11,338 ක් ලබාදී තිබේ.

එන්නත් වලට අමතරව, පළාතේ සිදුකරන PCR පරීක්ෂණද වැඩිකර ඇත.

කෙසේ වෙතත්, සෞඛ්‍ය විශේෂඥයන් අවධාරණය කර සිටින්නේ එන්නතේ ආරක්ෂාව මත සම්පූර්ණයෙන්ම නොයැපී  අත් සේදීම, මුහුණු ආවරණ පැළඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම වැනි නිර්දේශිත සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීමට මහජනයා නිරන්තරයෙන්ම කටයුතු කළ යුතු බවයි.

පහත දැක්වෙන්නේ ඊයේ (11) කඩුවෙල නගරයේ පැවති එන්නත්කරණ වැඩසටහනේ හා PCR පරීක්ෂණ සිදුවූ ස්ථානයේ දසුන් කිහිපයකි.

(ඡායා : ශානිකා ජයසේකර)

Kaduwela1 960px 21 05 11Kaduwela1 960px 21 05 11Kaduwela1 960px 21 05 11Kaduwela1 960px 21 05 11Kaduwela1 960px 21 05 11Kaduwela1 960px 21 05 11Kaduwela1 960px 21 05 11Kaduwela1 960px 21 05 11Kaduwela1 960px 21 05 11Kaduwela1 960px 21 05 11Kaduwela1 960px 21 05 11Kaduwela1 960px 21 05 11Kaduwela1 960px 21 05 11Kaduwela1 960px 21 05 11Kaduwela1 960px 21 05 11Kaduwela1 960px 21 05 11

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top