Jun 11, 2021

මෛත්‍රීගේ ඉල්ලීමට, චීනය තෑගි දුන් වකුගඩු රෝහල ජනපති විවෘත කරයි (ඡායා)

පොළොන්නරුවේ ඉදිකෙරුණු චීන - ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහල අද (11) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අතින් ජනතා අයිතියට පත් කෙරිණ.
 
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා 2015 වේ සිදුකළ පළමු චීන නිල සංචාරය අතරතුරදී චීන ජනපති ෂී ජින් පිං මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම වකුගඩු රෝහල ග්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලදී.
 
ශ්‍රී ලංකා පෞරාණික ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදිකෙරුණු මේ රෝහල් සංකීර්ණය අක්කර 16ක භූමි ප්‍රමාණයක විහිදී තිබේ. 
 
ඒ සඳහා වැය කෙරුණු  මුදල රුපියල් කෝටි 1200ක් වන අතර ඉදිකිරීම් සඳහා ගතවු කාලය මාස 30කි.

එසේම මෙම රෝහල ආසියාවේ නවීනතම සහ දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහලයි.

මෙහිදී නේවාසිකව එකවර රෝගීන් 200 කට ප්‍රතිකාර ලබාගත හැකි අතර එක් අවස්ථාවකදී රුධිර කාන්දුකරණය සිදුකළ හැකි රොගීන් ප්‍රමාණය 100 කි.

වකුගඩු බද්ධ කිරීම සඳහා නවීන පහසුකම් සහිත ශල්‍යාගාර 05 කින් යුත් මෙහි ඇති දැඩි සත්කාර ඒකක දෙකේ ඇති ඇඳන් සංඛ්‍යාව 20කි. 

 වකුගඩු රෝගී සායන සංකීර්ණයක්, අති නවීන තාක්ෂණයෙන් යුත් රසායනාගාර හා පර්යේෂණාගාර, විකිරණ සහ සී.ටී ස්කෑන් සේවාව සහ නවීන ශ්‍රවණාගාරයක් මීට අයත් වේ.  
 
 වාහන 300ක් නවතා තැබිය හැකි රථ ගාලක් සහ රෝහල් කාර්ය මණ්ඩලයේ සෑම අයෙකුටම නේවාසිකාගාර පහසුකම් සැලසුම් කර තිබීම විශේෂත්වයකි.

KH1 800px 21 06 11jpgKH2 800px 21 06 11jpgKH3 800px 21 06 11jpgKH4 800px 21 06 11jpgKH5 800px 21 06 11jpgKH6 800px 21 06 11jpgKH7 800px 21 06 11jpgKH8 800px 21 06 11jpgKH9 800px 21 06 11KH10 800px 21 06 11KH11 800px 21 06 11KH12 800px 21 06 11KH13 800px 21 06 11KH14 800px 21 06 11

 
 

 

 

 

 
 
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top