Aug 01, 2021

රුවන්වැලිසැයේ වාහල්කඩක කිරිබත්ගොඩ නිකායක නෙළුම් කැටයම් Featured

රුවන්වැලිසෑයේ ප්‍රධාන පිවිසුමේ ඉදිකර ඇති වාහල්කඩේ මෑතකදී සිදුකළ ප්‍රතිසංස්කරණ වලින් පසුව එහි මෙතෙක් දක්නට නොලැබුණු කැටයම් කිහිපයක් හේතුවෙන් පුරාවිද්‍යා කේෂත්‍ර ප්‍රධානීන් අතර කතාබහක් මතුව ඇතැයි ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.
 
එම වාහල්කඩේ කිරිබත්ගොඩ ප්‍රදේශයේ වෙනම නිකායක් පවත්වාගෙන යන බවට චෝදනා එල්ලව ඇති හිමිනමකගේ පන්සලක් තුළ දක්නට ලැබෙන නෙළුම් මල් ආශ්‍රිත කැටයම් කිහිපයක් මේ වන විට නෙලා තිබේ.
 
අදාළ නිකායට අයත් පාර්ශවයකින් මේ ප්‍රතිසංස්කරණ සඳහා මූල්‍ය ආධාර ලැබීම නිසා මේ කැටයම්ද ඒ සඳහා එක්ව ඇති බවට ද රාවයක් මේවන විට පැතිර ගොස් ඇත.
 
කෙසේවුවද, මේවන විට එහි දෙවැනි වාහල්කඩේ ද ප්‍රතිසංස්කරණ ආරම්භ කිරීම සඳහා පළංචි බැඳ තිබේ. (ඊට අදාළ ඡායාරූප පහත දැක්වේ.)

WhatsApp Image 2021 08 01 at 12.04.11 PMWhatsApp Image 2021 08 01 at 12.04.13 PMWhatsApp Image 2021 08 01 at 12.04.14 PMWhatsApp Image 2021 08 01 at 12.04.15 PM84e89ac5 3c34 4cf4 b242 30e45548ae6b

 
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top