Sep 16, 2021

පාස්කු කේස් එකේ ඊබ්‍රාහම්ලාගේ තඹ කම්හල වීරවංශ ගන්න යයි!

මේ වන විට රාජසන්තක කර ඇති "පාස්කු ඉරිදා අමානුෂික ක්‍රියාදාමයට" සම්බන්ධ වූ 'ඊබ්‍රාහිම් පවුලට' අයත් තඹ කම්හල, අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මගින් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය යටතට ගෙන එමඟින් මෙරට තඹ ආශ්‍රිත කර්මාන්තයන්ට අවශ්‍ය නිෂ්පාදන සපයා දෙන ස්ථානයක් බවට පත් කිරීමට පියවර ගන්නේ යැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින ආයතනයකි.

වැල්ලම්පිටියේ පිහිටි එම තඹ කම්හල් පරිශ්‍රයෙහි අද (16) සවස නිරීක්ෂණ චාරිකාවක යෙදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා එසේ පැවසීය.

"පසුගිය මැයි මාසයේ 20 වැනිදා රජය විසින් රාජසන්තක කළ මෙම ස්ථානය අපි කවුරුත් දන්නවා මීට පෙර ඒ පාස්කු ඉරිදා අමානුෂික ක්‍රියාදාමයට සම්බන්ධ වූ ඉබ්‍රාහිම් පවුලට අයත් දේපළක්. එය දැනට රහස් පොලිසිය භාරයේයි පවතින්නේ. අමාත්‍ය මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කරලා අපි බලාපොරොත්තු වෙනවා මෙම තඹ කර්මාන්ත ශාලාව පවත්වාගෙන යන කොටස කාර්මික සංවර්ධන මණ්ඩලය යටතට ගැනීමට. මෙහි සියලු යන්ත්‍ර සූත්‍ර තිබෙන්නේ තඹ ආශ්‍රිත නිෂ්පාදන සිදුකිරීමටයි. මෙම යන්ත්‍රසූත්‍ර දිරාපත් වීමට ඉඩ නොදී රටට ප්‍රයෝජනයක් ගත යුතුයි.

එමගින් මෙරට තඹ ආශ්‍රිත කර්මාන්තයන්ට අවශ්‍ය කරන නිෂ්පාදන සපයා දෙන ස්ථානයක් බවට මෙම ස්ථානය පත් කිරීමට අපට හැකි වේවි. ඒ පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට තමයි මෙම ස්ථානය නිරීක්ෂණයට අපි පැමිණියේ.”

මෙම නිරීක්ෂණ චාරිකාවට අමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී අනුෂ්ක ගුණසිංහ, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක යන මහත්වරු ද එක්ව සිටියේය.

(අද)

240106624 4172025676248554 4779619260863101300 n240340875 4172026069581848 8781596160012346149 n240530995 4172026376248484 2215636645191691828 n240591989 4172025792915209 7476283070011284649 n240596523 4172026182915170 4721683348702771720 n240601868 4172026056248516 2680570140570632030 n240664324 4172025782915210 7901591430322462937 n240670149 4172026142915174 3051684795719033361 n240723340 4172025819581873 5806887839007575059 n241394635 4172025939581861 717472419175123398 n241535882 4172026412915147 205335175665899893 n

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top