Oct 19, 2021

පළමු ටෙස්ට් ක්‍රිකට් නායකයා දැයෙන් සමුගනියි (ඡායා)

මෙරට පළමු ටෙස්ට් ක්‍රිකට් නායක බන්දුල වර්ණපුර මහතා අද (19) දැයෙන් සමු ගත්තේ ය.
 
අභාවප්‍රාප්ත වනවිට 68 වන වියේ පසුවූ බන්දුල වර්ණපුර මහතා 1982 වසරේ එංගලන්තයට එරෙහිව ටෙස්ට් වරම් දිනූ ඓතිහාසික තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදුන් ක්‍රීඩකයා ය.
 
වසර 7 ක ජාත්‍යන්තර තරග බිමට සමු දීමෙන් අනතුරුව තවදුරටත් මව්බිම වෙනුවෙන් කැප වූ වර්ණපුර මහතා පුහුණුකරුවෙකු සහ පුහුණු අධ්‍යක්ෂ මෙන්ම මෙහෙයුම් අධ්‍යක්ෂ ලෙසත් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් විශාල මෙහෙයක් කළ අයෙකි.
 
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල තරග තීරකවරයෙකු සහ විනිසුරුවරයෙකු මෙන්ම ආසියානු ක්‍රිකට් කවුන්සිල සංවර්ධන කළමනාකරු ලෙසද ඔහු කලක් කටයුතු කළේ ය.
 
අද පස්වරුවේ සිදු කළ ආගමික වතාවත්වලින් අනතුරුව බන්දුල වර්ණපුර මහතාගේ දේහය බොරැල්ල කනත්තට රැගෙන එනු ලැබුවේ ය.
 
කොළඹ නාලන්දා විද්‍යාලීය ආදි ශිෂ්‍යයන්, සිසු දරුවන්, ඔහු නියෝජනය කළ බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජයේ සාමාජිකයින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් ඇතුළු පිරිසක් ඔහුට අවසන් ගෞරව දැක්වීමට පැමිණ සිටියේ ය.
 
ඔබට නිවන් සුව.!

247015351 4817525801632798 3929414919906573648 n247059785 4817528041632574 5073552749865329012 n246176123 4817532468298798 5161548585221721153 n246174637 4817527794965932 1038018062987330472 n246012439 4817523671633011 6699571616092314608 n246041852 4817523654966346 7439820180747997436 n

246951551 4817526761632702 5605437097074008884 n
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top