Nov 19, 2021

සඳහිරු සෑය සම්බුදු සසුනට පූජා කරයි (ඡායා)

අනුරාධපුර පිහිටි, සඳහිරු සෑයේ කොත් වහන්සේ නිරාවරණය කොට, සම්බුද්ධ සසුනට පූජා කිරීමේ පුණ්‍යෝත්සවය ඊයේ දිනට (18) යෙදී තිබූ ඉල් පොහොය දින පස්වරුවේදී මහත් හරසරින් සිදුකෙරුණි.
 
ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ය.

ජය පිරිත් සජ්ඣායනා, දේව ආරාධනා, හේවිසි හඬ මධ්‍යයේ “සඳහිරු සෑ රඳුන්ගේ” ඵලකය සහ කොත් වහන්සේ නිරාවරණය ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යතුමාගේ අතින් සිදුවිය.

මහා සංඝරත්නය සහ ප්‍රධාන ආරාධිතයෝ ප්‍රධාන වාහල්කඩ පිළිමවහන්සේ අභියස හා විහාර මන්දිරයේ දී මල් සහ සුවඳ දුම් පූජා කළහ.

ධාතු කරඬුවේ ආභරණ පැළඳවීම, දොලොස්මහේ පහන විවෘත කිරීම, “සඳහිරි සෑ රඳුන්” බුදු සසුන වෙත පූජා කිරීම සහ සෑ රඳුන්ට විදුලි ආලෝක පූජාව ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණ.

සෑ රඳුන්ට පළමු  ගිලන්පස පූජාව, “සඳහිරු සෑ” ඉතිහාසය ඇතුළත් ග්‍රන්ථය පිළිගැන්වීම මෙන්ම ගීතය එළිදැක්වීම මෙහිදී සිදුවිය.

ගරුතර මහා සංඝරත්නය, මැති ඇමතිවරුන් හා ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඇතුළු සම්භාව්‍ය අමුත්තන් රැසක් මෙම අවස්ථාවට එක්විය.

ශ්‍රී ලංකාවේ දශක 3ක් පුරාවට පැවති යුද්ධයේදී දිවි පිදූ මෙන්ම රණක්ෂිතයට පත් රණවිරුවන් උදෙසා, කළගුණ සැලකීමක් ලෙස ඉදිකෙරුණු සඳහිරු සෑයේ විෂ්කම්භය අඩි 255 ක් වන අතර වට ප්‍රමාණය අඩි 801 කි. චූඩාමානික්‍යයත් සමග සඳහිරු සෑයේ උස අඩි 282 යි අගල් 6 කි.

එම පුණ්‍ය අවස්ථාවේ ඡායාරූප කිහිපයකි පහත දැක්වේ :

image b2bca9cb07SH2 700px 21 11 18SH3 700px 21 11 08SH4 700px 21 11 18SH5 700px 21 11 18SH6 700px 21 11 08SH7 700px 21 11 18SH8 700px 21 11 18SH9 700px 21 11 18SH10 700px 21 11 18SH 11 700px 21 11 18SH12 700px 21 11 18SH13 700px 21 11 18Sadahirusaya 670px 21 11 08

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top