May 24, 2022

ගංවතුරට යටවූ පුත්තලමේ O/L මධ්‍යස්ථානය (ඡායා) Featured

ඊයේ (23) රාත්‍රියේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් පුත්තලම ශාන්ත ඇන්ඩෘ මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර විභාග මධ්‍යස්ථානය සම්පූර්ණයෙන්ම යටව තිබේ.

කෙසේවුවද, අද (24) එහි කටයුතු පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා යුද හමුදාව මැදිහත්ව ගංවතුරට යට වී තිබු විභාග ශාලා එම පාසැලේම වෙනත් ආරක්ෂිත ස්ථානයක ස්ථිපිත කිරීමට කටයුතු කර ඇත.

මේවන විට විභාග ශාලාවේ කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවද වාර්තා වන අතර එහි මෙවර අපොස සමාන්‍ය පෙළ අයදුම්කරුවන් 156 දෙනෙකු විභාගය සඳහා මුහුණ දෙන බවද වාර්තා වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top