Apr 26, 2021

ක්‍රීඩකයන්ට කොවිඩ් නිසා නිල් මහා සටන කල් යයි!

කොළඹ රාජකීය විද්‍යාලය හා ශාන්ත තෝමස් විද්‍යාලය අතර ලබන මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ 'නිල් මහා සටන' ක්‍රිකට් තරගය යළි දැනුම් දෙන තුරු කල් දැමීමට තීරණය කර තිබේ.

මෙම තීරණය ගෙන ඇත්තේ රාජකීය - තෝමස් මහා තරගයේ ඒකාබද්ධ ක්‍රිකට් කමිටුව විසිනි.

මේ තරගය සඳහා දිනයක් ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බව ඔවුන් කියා සිටියි.

ක්‍රීඩකයන් කිහිපදෙනෙකු හට කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට හෙළි වීමත් සමග මෙම තීරණය ගෙන ඇත.

පසුගිය කාලය පුරාවට 'බබල්' ක්‍රමවේදයට අනුව ක්‍රීඩකයන් තබාගෙන තිබුණද, ශාන්ත තෝමස් විද්‍යාලයේ ක්‍රීඩකයන් කිහිපදෙනෙකු හට කොවිඩ් වැළඳී ඇති බව වාර්තා වේ.

මෙවර 'නිල් මහා සටන' මැයි 06-08දා දක්වා හම්බන්තොට දී පැවැත්වීමට මීට පෙර කටයුතු යොදා තිබුණි.

මේ අතර, මීට දින කිහිපයකට පෙර වාර්තා වූයේ රාජකීය විද්‍යාලයේ රග්බි කණ්ඩායම් ක්‍රීඩකයන් තිදෙනෙකු හට කොවිඩ් ආසාදනය වී ඇති බවයි.

සබැඳි පුවත් :
රාජකීය විදුහල් රග්බි පිලේ කිහිපදෙනෙකුට කොරෝනා !

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top