May 22, 2021

යුපුන් ඔලිම්පික් සිහිනයට තවත් ළං වෙයි Featured

ජර්මනියේ පැවති තරගාවලියකට සහභාගීවෙමින් ශ්‍රී ලංකාවේ කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් මීටර් 100 ඉසව්වෙන් තත්පර 10.09 දක්ෂතාවක් දැක්වීමට සමත් වී තිබේ.

මෙය ඕනෑම තත්ත්වයක් යටතේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු දැක්වූ වේගවත්ම කාලය ද වේ.

කෙසේ නමුත් තරඟාවලිය පැවති ක්‍රීඩාංගනයේ සුළඟේ වේගය නීත්‍යානුකූල සීමාව ඉක්මවන නිසා එය ජාතික වාර්තාවක් ලෙස සැලකෙන්නේ නැති බවද වාර්තා වේ.

යුපුන් මීට පෙර ඉතාලියේ පැවති මළල ක්‍රීඩා තරගාවලියකදී මීටර 100 ධාවන ඉසව්ව තත්පර 10.15 කින් නිම කරමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් සහ දකුණු ආසියානු වාර්තාවක් පිහිටුවීමට සමත් විය.

සබැඳි පුවත්

යුපුන් යළි දකුණු ආසියාවේ කඟවේනා වෙයි

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top