Aug 11, 2021

7ක් පරීක්‍ෂණ‌යෙන් අසමත් - 10කට SLC විස්සයි - 20 අහිමියි

ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණය අසමත් වීම හේතුවෙන් ක්‍රීඩකයන් 7 දෙනකුට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන විස්සයි - 20 ආරාධිත තරගාවලියට සහභාගි වීම අත්හිටුවා තිබේ.

මේ අතර සචිදු කොළඹගේ, නිමේෂ් විමුක්ති සහ මොහොමඩ් ෂිරාස් යන ක්‍රීඩකයින් තිදෙනාට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි.

හිමාෂ ලියනගේ Blues කණ්ඩායමෙන් Greys කණ්ඩායම වෙත මාරු කර ති​බේ.එමෙන්ම කමිල් මිෂාර Greens කණ්ඩායමෙන් Greys කණ්ඩායම වෙතත්, ප්‍රභාත් ජයසූරිය Greys කණ්ඩායමෙන් Reds කණ්ඩායම වෙතත්, මාරු කළ බවයි ක්‍රිකට් ආයතනය සදහන් කර සිටියි.

ශාරීරික යෝග්‍යතාව අසමත් ක්‍රීඩකයන්ගේ නම් පහතින් දැක්වේ.

සඳුන් වීරක්කොඩි
ජෙහාන් ඩැනියෙල්
සංගීත් කුරේ
කොෂාන් ජයවික්‍රම
ළහිරු ගමගේ
අශාන් රන්දික
ලසිත් ඇඹුල්දෙණිය

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top