අවිශ්ක ගුණවර්ධන මහතා සති දෙකක කාලයක් සඳහා ඇෆ්ගන් ක්‍රිකට් පිලේ විශේෂඥ පිතිකරණ පුහුණුකරු බවට පත්වීමට නියමිතය.
ඒ ලබන සැප්තැම්බර් 01 වැනිදා සිට ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සූදානම් කර ඇති පාකිස්තානු හා ඇෆගනිස්තානු පන්දුවාර විස්සයි -20 ක්‍රිකට් තරගාවලියේදීය.
දෙරට අතර තරග හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිත අතර එම තරගාවලිය පන්දුවාර විස්සයි - 20 තරග තුනකින් සමන්විතය.
කෙසේවුවද, මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබුණේ අවිශ්ක ඇෆ්ගන් ක්‍රිකට් පිලේ ජාතික පුහුණුකරු ලෙස කටයුතු කිරීමට සැරසෙන බවයි.
මේ අතර, තලෙයිබාන් සටන්කරුවන් විසින් ඇෆගනිස්තානය යටත්කර ගැනීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ තරගාවලිය පැවැත්වීම අවිනිශ්චිත බවට මාධ්‍ය වෙත කරුණු දක්වා තිබුණද ශ්‍රී ලංකා මිරර් වෙත ඇෆගනිස්ථානයෙන් ලැබෙන ආරංචි මාර්ගවලින් වාර්තා වන්නේ තලෙයිබාන් සටන්කරුවන් ක්‍රිකට් ක්‍රීඩාවට බාධානොකරන බවට විශ්වාසයක් ලබාදී ඇති බවයි.
(මුල් පුවත 2021 අගෝස්තු 17 , 08 : 17 ප.ව.)
ඇෆ්ගන් ක්‍රිකට් කණ්ඩායම අවිශ්ක යටතට
ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී ලංකා පිතිකරුවෙක් මෙන්ම පුහුණුකරුවෙක් වෙන අවිශ්ක ගුණවර්ධන මහතා පත්කර තිබේ.
ඇෆ්ගනිසිතාන ක්‍රිකට් ආයතනය සිය ෆේස් බුක් ගිණුමෙන් මේ බව නිවේදනය කර තිබේ.
ඇෆ්ගනිස්තාන කණ්ඩාම හා පාකිස්තාන කණ්ඩායම අතර එක්දින තරග තුනක් ශ්‍රී ලංකාවේදී ලබන සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත අතර එම තරගාවලියේදී අවිශ්ක නිල වශයෙන් ඇෆ්ගන් පුහුණුකරු වශයෙන් කටයුතු කිරීමට නියමිතය
ඔස්ට්‍රේලියාවේ හිටපු වේග පන්දු යවන්නෙක් වන ෂෝන් ටේට් මේ වන විට ඇෆ්ගනිස්තානයේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කරයි.
ඇෆ්ගනිස්තාන - පාකිස්තාන තරගාවලියේදී අවිශ්ක පිතිකරණ පුහුණුකරු වශයෙන්ද කටයුතු කිරීමට නියමිතය.
(අද)