Sep 12, 2021

ලෝක කුසලානයට යන ක්‍රිකට් කණ්ඩායමට නාමල් අනුමැතිය දීලා!

එළඹෙන ඔක්තෝබර් මස ඇරඹෙන 20යි 20 ලෝක කුසලාන තරඟාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අනුමැතිය හිමිව ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

මේ වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී සහ ඕමානයේ දී පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා මේ වන විට රටවල් සිය සංචිත ප්‍රකාශයට පත් කරමින් සිටී.

ඒ අනුව විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වය දසුන් ශානකට හිමිව තිබෙන අතර උපනායකත්වයේ වගකීම පැවරී ඇත්තේ ධනංජය ද සිල්වාටය.

ශ්‍රී ලංකා සංචිතය පහතින් දැක්වේ.

01. දසුන් ශානක - නායක
02. ධනංජය ද සිල්වා - උප නායක
03. කුසල් ජනිත් පෙරේරා
04. දිනේෂ් චන්දිමාල්
05. අවිශ්ක ප්‍රනාන්දු
06. භානුක රාජපක්ෂ
07. චරිත් අසලංක
08. වනිඳු හසරංග
09. කමිදු මෙන්ඩිස්
10. චාමික කරුණාරත්න
11. නුවන් ප්‍රදීප්
12. දුෂ්මන්ත චමීර
13. ප්‍රවීන් ජයවික්‍රම
14. ළහිරු මධූසංඛ
15. මහීෂ් තීක්ෂණ

අතිරේක ක්‍රීඩකයින් පහතින් දැක්වේ.

01. ළහිරු කුමාර
02. බිනුර ප්‍රනාන්දු
03. අකිල ධනංජය
04.පුළින තරංග

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top