Sep 16, 2021

ක්‍රීඩකයින් එල්ලවන චෝදනා ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේප කරයි Featured

ක්‍රීඩකයින් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් පළවී ඇති මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කරයි.

නිමාව දුටු දකුණු අප්‍රිකානු තරග සංචාය තුළ අඩු දක්ෂතා දක්වමින් තරග පරාජය වීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපි දෙනෙකු කටයුතු කර ඇති බවට මාධ්‍ය වාර්තා පළ වී තිබිණ.

අදාළ පුවත්පත් වාර්තා පිළිබඳ කිසිදු චෝදනාවක් කණ්ඩායම් කළමනාකරුගෙන් තමන් වෙත ලැබී නොමැති බවද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෑත වකවානුව තුළ තරග ජයග්‍රහණය කරමින් ජයග්‍රාහී මාවතට ප්‍රවේශ වී සිටින බව ද එම නිවේදනයේ සඳහන්ව ඇත

එක්දින ජාත්‍යන්තර තරගාවලියට මෙන්ම පන්දුවාර 20 තරගාවලියට එක්වූයේ ද එකම කණ්ඩායමේ සාමාජිකයින් බවද දකුණු අප්‍රිකාවට එරෙහි එක්දින තරගාවලිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩියම ලෝක කුසලාන ලීග් ලකුණු සටහනේ ඉදිරියට පැමිණීමට සමත් වූ බවද අදාළ නිවේදනය මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙන්වා දෙයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top