Oct 10, 2021

ශ්‍රී ලංකාවට කඩුලු 5ක ජයක්!

ශ්‍රී ලංකාව සහ ඕමානය අතර පැවැත්වූ දෙවැනි විස්සයි විස්ස තරඟය කඩුලු 5කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
 
ලකුණු 160ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩාම කඩුලු 5ක් දැවී තරඟය ජයග්‍රහණය කිරීමට සමත් විය.

ඒ සමගින් ඕමානය සමග පැවැති තරග 2කින් යුත් විස්සයි විස්ස තරගාවලිය තරග 2-0ක් ලෙස ශ්‍රී ලංකාව ජය ගත්තේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඕමාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 8ක් දැවී ලකුණු 159ක් රැස් කිරීමට සමත් විය.

භානුක රාජපක්ෂ හා චාමික කරුණාරත්න ලකුණු 35 බැගින් ලබාගනිමින් ශ්‍රී ලංකා ජයග්‍රහණයට මඟ පෙන්වූහ.
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top