Oct 18, 2021

ලංකාව පියවරක් ඉදිරියට තියයි !

වසර 2021 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ පළමු තරගය කඩුලු 7කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ.
 
නැමීබියාවට එරෙහිව අබුඩාබි හිදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගැනීමෙන් අනතුරුව මුලින්ම පන්දු යැවීමට ශ්‍රී ලංකාව තීරණය කර තිබුණි.
 
ඉන් අනතුරුව පන්දුවාර 19.3දී ලකුණු 96ක් ලබා සිටියදී කඩුලු සියල්ලම දවාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
 
පිළිතුරු වශයෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු ත්‍රිත්වය ලකුණු 30කටත් අඩුව පැවති අවස්ථාවකදී දැවී ගියද, පන්දුවාර    කදී සිය ඉලක්කය කරා යාමට ශ්‍රී ලංකා පිල සමත් විය.

f451a73d b99b 4c4c 9b75 a95601fb40d8

 
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top