Oct 21, 2021

අයර්ලන්තය පරදවා ලංකාව සුපිරි 12 වටයට යයි!

වසර 2021 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද (20) අයර්ලන්තයට එරෙහිව පැවති තරගය ලකුණු 70කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

මේ සමග ශ්‍රී ලංකාව සුපිරි 12 වටයටද සුදුසුකම් ලබයි.

කාසියේ වාසිය දිනාගත් අයර්ලන්ත කණ්ඩායම මුලින්ම පන්දු යැවීමට තීරණය කළ අතර, ඉනිම අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 171ක් රැස්කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. මුල් කඩුලු 03 ඉතා ඉක්මනින් දැවී ගියද, පිළිවෙළින් ලකුණු 61ක් හා 71ක් ලබාගත් පැතුම් නිශ්ශංක හා වනිදු හසරංග ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කිරීමට සමත් විය.

පිළිතුරු වශයෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි අයර්ලන්ත පිලට සියල්ලන්ම දැවී ලබාගත හැකි වූයේ ලකුණු 101ක් පමණි.

තරගයේ වීරයා ලෙස වනිදු හසරංග නම් කරනු ලැබුණි.

SL Ireland 001

SL Ireland 001

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top