Nov 19, 2021

LPL වලට තෝරාගත් ක්‍රීඩකයන් 6කට ICCයෙන් තරග තහනමක්

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට තෝරා ගෙන ඇති ක්‍රීඩකයින් හය දෙනෙකු වහාම එම තරගාවලියෙන් ඉවත් කරන ලෙස අයිසීසි ය මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා ඇතැයි වාර්තා වේ.

මෙයට හේතුව වී ඇත්තේ අයිසීසි ය පිළිනොගන්නා තරගාවලි සඳහා මොවුන් සහභාගි වී තිබීමයි.

කෙන්යාවේ නයිරෝබි නුවර හා මුරුසියස් හි පැවැති මෙවැනි තරගාවලි දෙකකට මොවුන් මීට පෙර සහභාගි වී තිබෙන බව කියවේ.

එම තරගාවලි වල තරග පාවා දීම් සිදු කෙරුණු බවට චෝදනා එල්ල වී තිබේ.

මේ අතර හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිව් දෙනෙකු සිටින බවත් ඉන් එක් අයකු කණ්ඩායමක පුහුණුකරු ලෙසද තෝරා ගෙන ඇති අයකු බවත් වාර්තා වේ.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top