Nov 20, 2021

චරිට හෙට මැච් එක ගහන්න චාන්ස් නොදෙන බව දිමුත් කියයි  Featured

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග හෙට ( 21) ආරම්භ වීමට නියමිත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී චරිත් අසලංකට ටෙස්ට් වරම් හිමි නොවන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න කියයි.

පළමු තරගයේ දී පැතුම් නිස්සංක තමා සමගින් ඉනිම ආරම්භ කිරීමට නියමිත බව ඔහු අද පැවැති මාධ්‍ය හමුවකදී සදහන් කර සිටියේය.

අංක 3 පිතිකරු ලෙස ඕෂද ප්‍රනාන්දු ද, කඩුලු රකින පිතිකරුවා ලෙස දිනේෂ් චන්දිමාල් ද කටයුතු කරන බව දිමුත් සඳහන් කර සිටියේය.

පළමු ටෙස්ට් තරගය හෙට පෙරවරු 10ට ගාල්ලේ දි ආරම්භ වීමට නියමිතය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top