Nov 21, 2021

රන්ජන් නොදැවී 200 යි !

අද (21) ආරම්භවන ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙවි තරගයේ තරග තීරකයා වන රංජන් සෙනරත් මඩුගල්ලේ ICC තරග තීරක වරයකු ලෙස කටයුතු කරන 200 වැනි ටෙස්ට් තරගය වේ.
 
ඔහුට පසුව වැඩිම ටෙස්ට් තරග සංඛ්‍යාවක තරග තීරක ලෙස කටයුතු කර ඇත්තේ ක්‍රිස් බ්රෝඩ්‍ ය.
 
ඔහු මේ දක්වා තරග 112 ක තරග තීරක ලෙස කටයුතු කර තිබේ.
 
කෙසේවුවද, ඔහු සිටින්නේ තරග 88 ක් පිටුපසිනි.
 
මුත්තයියා මුරලිගේ ටෙස්ට් කඩුලු 800 වාර්තාව මෙන් මඩුගල්ලේගේ මෙම වාර්තාවද කිසිවකු විසින් බිඳ හෙළනු ඇතැයි සිතිය නොහැක.
 
මෙම තරගය අතරතුර අයිසීසිය හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මඩුගල්ලේ අගැයීමට ලක් කිරීමට නියමිතය.
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top