Nov 25, 2021

ලංකාවට ලකුණු 187ක ජයක්

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ලේ දී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 187ක ජයක් වාර්තා කරමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (25) සමත් විය.

තරගයේ අවසන් දිනය වූ අද දිනට තරගය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 52ක් ලබා සිටි අතර, ඔවුන්ට අද දිනයේ දී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 160ක් පමණයි.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 386කි.අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් කණ්ඩායමේ සියලු පිතිකරුවන් ලකුණු 230කට සීමා විය.

ශ්‍රී ලංකාව සිය දෙවැනි ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 4ක් දැවී ලකුණු 191ක් ලබා සිටියදීයි.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය එළඹෙන 29 වනදා ගාල්ල ක්‍රීඩාංගනයේ දී ම ආරම්භ වීමට නියමිතය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top